රක්ෂණ සමාගම මුදල් නොගෙවීම නිසා ජීවිතයක් අනතුරේ !



සිය රථය අනතුරට ලක්වි දින 39ක් ගෙවි ඇතත් බොරු ප්‍රකාශ නිකුත් කරමින් රක්ෂන සමාගම වන්දි ගෙවිම පැහැර හරින බවට චෝදනා කරමින් ලොරි රථයක නැගුණු පුද්ගලයෙකු ඉන්දන සිරුරට වත්කරගෙන ගිනිතබා ගැනීමට අද (23දා) උත්සහ කළා.
අනුරාධපුර මහවිදියේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ රක්ෂන ආයතනයක් බව කියනආයතනයක ප්‍රාදේශිය කාර්යාලය ඉදිරිපිට ලොරි රථය නවතා එහි හිමිකරු පෙට්ට්‍රල් බෝතල් දෙකක් අතැතිව විරෝධතාවයේ නිරතවු අතර ඔහු එක් අවස්ථාවකදි පෙට්ට්‍රල් බෝතලයක් හිසේ හලා ගනිමින් ගිනි අවුලවා ගැනීමට උත්සහ කළද රැස්ව සිටි පිරිස එය ව්‍යර්ථ කළා.
ඔහුගේ රථය පුරා එම ආයතනයට විරෝධය පලකරමින් විරෝධතා පුවරු අලවා තිබුණා.

විරෝධතාකරු ලොරිය මතට නැගි මෙසේ පැවසුවා.
“.දින 39 වනවා රථය අනතුරට ලක්වෙලා.මම මත්පැන් බීලා රිය ධාවනය කරා කියලා ආයතනය චෝදනා කරනවා.අලාභය තක්සේරු කරන්න ආපු ඇසෙසවරයා කියනවලු මම බීලා හිටියා කියලා.එයා කොහොමද එහෙම කියන්නේ.
මම බීලා හිටියා කියලා අධිකරණ වෛද්‍යතුමෙක් හරි පොලිසිය හරි පරික්ෂනයක් කරලා නිගමනය කරන්න ඕන.රටේ හරි නීතිය ඒකයි.අපි රුපියල් දහස් ගණන් වැයකරලා රක්ෂන ආවරණ දානවා.බොරු කියලා ඒවා නොදි ඉන්න මේ බහුජාතික සමාගම් අරදිනවා.මම මත්පැන් පානයකරලා හිටියේ නෑ.මට සාධාරන විසදුමක් නොදුන්නොත් මම ගිනිතියාගෙන මෙතනම මැරෙනවා”

Post a Comment

0 Comments