එදා යුද ජයග්‍රාහණයේ නියම නියමුවා සරත් ෆොන්සේකා !




එක්සත් ජාතික පක්ෂයෙන් තමාව අයින් කරන්න රනිල්ට බැරි බවත් රනිල්ට එය කෙසේවත් කල නොහැකි බවත් මේ රජය යටතේ රට එක අගලක්වත් ඉදිරියට නොගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පවසයි.
සුදු වැන් සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියා වන හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සීනිගම දේවාලයේ පැවති දේව කන්නලව්වකට සහභාගිවීමෙන් අනතුරුව ඊයේ (2)  මාධ්‍ය හමුවේ අදහස්  දක්වමින් ඒ මහතා මේ බව  පැවසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු  චතුර සේනාරත්න මහතා ,
රාජිත සේනාරත්නලා  සිරගත කලා කියලා අපේ මේ අරගලය කාටවත් නවත්වන්න බැහැ. අපි අරගල කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ අරගල දිහා බලාගෙන ඉන්න බැරි රජය කරන්න හදන්නේ රාජිත සේනාරත්නලා සිරගත කරන්න. මේ අසාධාරණ  වැඩවලින් අපි තවත් ශක්තිමත් වෙනවා.
ගෝඨාභය රාජපක්ෂලා රට දියුණු කරන්න මොනවද කරලා තියෙන්නේ. එකක් කරලා තියෙනවා මුහුදට සේදෙන වැලි වැටි කෝටි ගණන් වියදම් කරලා දාලා තියෙනවා. හරියට ආණ්ඩුවත් සේදිලා යනවා වගේ.
කොරෝනා යුද්ධය ජය ගන්න බැරි ගෝඨාභය කොහොමද ජනතාවගේ බඩ ගිනි යුද්ධය ජය ගන්නේ. එදා යුද ජයග්‍රාහණයේ නියම නියමුවා සරත් ෆොන්සේකා මහත්තයයි. ගෝඨාභය නෙමෙයි.
මේ කොරෝනා යුද්ධය ජය ගන්න බැරි බවෙන් ජනතාවට එය සක්සුදක් සේ පේනවා. කොරෝනා නීතිය එක එක්කෙනාට වෙනස් .තොණ්ඩමන්ලාට එක නීතියක්. සාමාන්‍ය ජනතාවට තවත් නීතියක්. රාජිතලා හැමවිටම කැපවුණේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් . සුවපතිලා මෙහෙම හිරකරලා ජනතාවට කරන සේවය නතර කරන්න බැහැ.
අපි අධිකරණයට ගරු කරනවා. අධිකරණයේ තීන්දුවට හිස නමනවා. ස්වාධීන මැතිවරණ  කොමිසමේ නියෝජිත මහත්වරුන් පිළිබදව අපි දැඩි විශ්වාසය තියෙනවා . ජනතාවගේ සෞඛ්‍යයට හානියක් නොවේනම් අපිත් මැතිවරණ සටනට ඕනැම් වෙලාවක සූදානම්. ඉදිරියේදී ඒ වෙනුවෙන් අපි කැපවෙනවා. ජනතාවගේ දුක කදුල මැඩ පවත්වන්න අපි නිතරම සූදානමිනුයි ඉන්නේ.
එක්සත් ජාතික පක්ෂයෙන් මාව ඉවත් කිරීමට රනිල්ට බැහැ. ඒක රනිල්ට කරන්න පුළුවන් කමක් නැහැ. මම සිවිල් සංවිධාන රැසකම ක්‍රියාකාරී සාමාජිකයෙක්. අනෙත් එක රනිලුයි මමයි ගිවිසුමක් ගහලයි තියෙන්නෙ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයෙන් මාව අයින් කිරීමට රනිල්ට බැහැ.
මේ රජය යටතේ රට එක අගලක්වත් ඉදිරියට ගිහිල්ලා නැහැ. රට ගිහිල්ලා තියෙන්නේ ආපස්සටයි. රට ඉදිරියට ගෙනියන්න  ගෝඨාභයට බැහැ. රට යළිත්  ගොඩගන්න නම් මේ රජය පෙරළලා අලුත් ආණ්ඩුවක්  බිහිකල යුතුයි.

Post a Comment

0 Comments