රනිල්ගෙන් නවීන්ට සභාපති තනතුරක් ! මංගලටත් එන්න කියයි !




එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා එජාපය විසින් මෙහෙයවනු ලබන ලංකා ජාතික වතු සේවක සංගමයේ (LJEWU)  සභාපතිවරයා වශයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (ජූනි 12) පත් කරනු ලැබ තිබේ.

දිසානායක මහතා තමන්ගේ නව පත්වීම අද ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ එහි ලේකම් වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන් මහතා පත් කර ඇති බව ද ප්‍රකාශ විය. “අපිව පත් කරලා තියෙන්නෙ හරීන් ප්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් විසින් දරන ලද තනතුරුවලටයි. ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමෙන් පසුව මේ තනතුරුවලින් ඔවුන් ව ඉවත් කළා.” ඔහු ප්‍රකාශ කළේය.

“පක්ෂ නායකත්වය යටතේ පවතින බලතල යටතේයි අපිව පත් කරලා තියෙන්නෙ. ඒක හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ මගේ පියා වන දිවංගත ගාමිණී දිසානායක මහතාව එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවන වතු කම්කරු සංගමයේ සභාපතු ධුරයට පත් කළා හා සමානයි,” දිසානායක මහතා සඳහන් කළේය.

මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, සමරවීර මහතා මෙන්ම සමගි ජන බලවේගයේ ලැයිස්තුවෙන් ඉවත් වූ සියළු දෙනාට එජාපයට යළි එකතු වීම සඳහා දොරටු විවෘත වී ඇති බවයි. “අපි ඉල්ලා සිටිනවා සමරවීර මහතාට අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපේ දොරවල් විවෘතයි සමගි ජන බලවේගයේ ලැයිස්තුවලින් ඉවත් වූ ඕනෑම කෙනෙකුට”

Post a Comment

0 Comments