ගෙදරට ගෙනා සහල් කවරයේ මී කුණක් !



නිවසට ගෙන එන ලද සහල් ගෝනියක මිය ගිය මීයෙකුගේ මළ කඳක් සහ මිය ගිය මැස්සන්ගේ ශරිර කොටස් විශාල ප‍්‍රමාණයක් තිබී හමුව තිබෙනවා.

නිවැසියන් එම හාල් උරය පරික්ෂා කර ඇත්තේ සහල් උරය විවෘත කළ පසු එයින් දුගඳක් වහනය විම නිසා බව තොරතුරු අනාවරණය වනවා.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හෙම්මාතගම අක්කර සියය ප‍්‍රදේශයේ පදිංචි එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතායි.

ලංකාවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ නිෂ්පාදිත ප‍්‍රසිද්ධ නාමයක් සහිත ඇසුරුම් කරන ලද සහල් ගම්පොළ සුපිරි වෙළෙඳ සැලින් ලබා ගෙන ඇති අතර සිද්ධිය වු දිනයේදිම ඒ බව ගම්පොල පිහිටි වෙළෙඳ සැල වෙත දුරකථනයෙන් නිවෙස් හිමි ප‍්‍රසන්න මහතා විසින් දැනුම් දී තිබෙනවා.

එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතා එහි ගිය මාධ්‍යවේදින්ට පෙන්වා දෙන ලද්දේ තමන්ගේ වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවෙකුද සිටින නිසා මේ සියලූ දෙනා මෙම සහල් ආහාරයට ගැනිමෙන් යම් රෝගාබාධයකට ලක් වුයේ නම් ඊට වගකියන්නේ කවුරුන්ද යන්නයි.

පොළොන්නරුවේ සහල් මෝලටත් කතා කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ බලාපොරොත්තු වන මුදලක් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

සහල් ගෙන ඒමෙන් අනතුරුව ගම්පොල වෙළෙඳ සැලින් ඇසුරුම් කර ඇති බවට සැකයක් මතු වන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

අදාල ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා සහල් උරය පරික්ෂාවට ලක් කර අදාල වෙළෙදුන්ට නිතීය ක‍්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද සඳහන් කළා

Post a Comment

0 Comments