පොසොන් පොහොය දිනයේ නිවසේ සිට ආගමික වතාවත් වල යෙදෙන්න



කොවිඩ් 19 රෝග තත්ත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී ද, වෙසක් පොහෝ දින මෙන්ම නිවසේ සිට ආගමික වතාවත් වල යෙදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ  නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු වත්පිලිවෙත් වල නිරත වනලෙස බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර දන්වා සිටින බවයි‍.
සීමිත පිරිසකගේ සහභාගිත්වයකින් පොසොන් වත්පිලිවෙත් සිදුකරන ලෙස මීට පෙර නිවේදනය කර තිබූ අතර, සෞඛ්‍ය අංශවල සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි යළි මෙම පියවර ගෙන තිබෙනවා.

Post a Comment

0 Comments