කොළඹ යාචකයින්ට වෘත්තිය පුහුණුවක් ලබා දෙයි



පිටකොටුව බස් නැවතුම්පොල ආශ්‍රිතව සහ ඒ අවට සිටියදී පොලිස් භාරයට ගත් යාචකයන් 60 දෙනෙකු වීරවිල රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළා.
පසුගිය ඇඳිරි නීති කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් යාචකයින් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණා.
ඔවුන් මෙලෙස අනාරක්ෂිත ලෙස සැරිසරමින් සිටියේ ජිවත් වීම සඳහා ස්ථිර වාසස්ථාන හෝ ආදායම් මාර්ග නොමැතිවීම හේතුවෙන් බව පොලීසිය මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.
එම කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පිරිස වීරවිල රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකරන ලෙස නියෝග කරනු ලැබුවා.
එම යාචකයින් අතරින් වයෝවෘද්ධ පුද්ගලයින් හැර සෙසු පිරිස සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා

Post a Comment

0 Comments