නීතිවිරෝධීව විවෘත කල ලැගුම්හලකට පැමිණි තරුණියට කොරෝනා දැයි සැකයක් !




  සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
ඇය අලව්ව ප්‍රදේශයේ 45 හැවිරිදි පදිංචිකාරිණියකි.
එම කාන්තාව ඊයේ පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ ලැගුම්හලකට තවත් පුද්ගලයෙකු සමග පැමිණ තිබේ.
අලව්වේ සිට කොට්ටාවට පැමිණි ඇය එහි සිට ත්‍රී රෝද රථයකින් ලැගුම්හල වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.
ඇය සමග ලැගුම්හලට පැමිණි පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු ද යන්න සැකයක් පවතින බවයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේය.
ඔහු අද පෙරවරුවේ ලැගුම්හලෙන් පිටවගොස් ඇති අතර එහි තිබී, ඔහුගේ බවට පැවසෙන බෑගයකින් ආරක්ෂක අංශ භාවිත කරන නිල ඇඳුමක් ද සොයා ගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ මෙම කාන්තාවට උණ සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇති වීම නිසා ඇය 1990 ගිලන් රථයක් අමතා ඇති බවයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේය.
අද පෙරවරුවේ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව සිදු කළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ එම ලැගුම්හල නීති විරෝධීව විවෘත කර ඇති බවයි.
එහි සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගැනුණි.
මෙම කාන්තාව සමග පැමිණි පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments