රංගන සහ සුදේව හිරු හැරයයි ! විස්තරය මෙන්න




රෙනෝ සිල්වාගේ (හිරු) රූපවාහිනී නාළිකාවේ ප්‍රධාන නිවේදකයින් දෙදෙනෙකු වූ සුදේව හෙට්ටිආරච්චි හා රංගන ද සිල්වා එම නාලිකාවෙන් ඉවත්ව ස්වර්ණවාහිනී නාලිකාව සමඟින් එක්ව ඇති බව වාර්තා වෙනවා. සුදේව හෙට්ටිආරච්චි හිරු නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු හා රංගන ද සිල්වා පසුගිය දිනෙක තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මොවුන් දෙදනා අපට දැකගත හැකි වන්නේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් වන අතර අප වෙත ලැබී ඇති තොරතුරු අනුව සුදේව හෙට්ටිආරච්චි Eඇඵ් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි. එමෙන්ම රංගන ද සිල්වා එම නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර තිබෙනවා.

මීට කලකට පෙර D.J අරා රෙනෝ සිල්වාගෙන් ඉවත්ව ගිය පසු හිරු F.M රේඩියෝව ජනතාව අතර අප්‍රසාදයට ලක්වූ අතර එය පූර්ණය කල නොකැකි වීම හේතුවෙන් අනෙකුත් රේඩියෝ සඳහා ජනතාව හුරු වීම සිදුවූවා.

මෙසේ හදිසියේ සුදේව සහ රංගන  රෙනෝ සිල්වාගෙන් ඉවත්ව යාම නිසා හිරු නාළිකාව බලන ප්‍රේක්ෂක පිරිස සීඝ්‍රයෙන් අඩුවී, එම නාළිකාව අභාවයට යා හැකි බවට මේ වන විටත් මත පළවෙනවා.

හදිසියේ මෙසේ සිදු වූ හැරයාම් දරාගත නොහැකිව රෙනෝ සිල්වා දැඩි මානසික ආතතියකින් සිටින බව ඔහුගේ සමීපතමයන් හරහා වාර්තා වෙනවා.හිරු නාළිකාව බලමින් සිටි ප්‍රේක්ෂක පිරිස  මේ සිදුවීම හරහා ඉච්චාභංගත්වයට පත්ව ඇති අතර ඔවුන් දින කිහිපයකින් හිරු නාළිකාව වෙනුවට වෙනත් නාළිකාවක් සොයා ගනු ඇතැයි ද කියවෙනවා.

කෙසේ නමුත් මීට පෙර අවස්ථා කිහිපයකදීම රෙනෝ සිල්වා විසින් මොවුන් නාළිකාව දමා යනු ඇතැයි තිබු සැකය නිසා ඔවුන්ට විශේෂ ලෙස උදව් කර ඇති බවද වාර්තා වෙනවා. එසේ උදව් කර ඇත්තේ මොවුන් ඉවත් වුවහොත් තම නාළිකාවට අත්වන ඉරණම පිළිබඳ පැහැදිලි අවබෝධයක් රෙනෝ සිල්වාට තිබූ නිසායි.

ඉදිරි දින කිහිපය තුළ හිරු රූපවාහිනී ආයතනයේ මලින්ද තිරිමාන්න, සාරංග පතිරන, තිලිණි නදීශා, තරංඟ වික්‍රමාදර යන අය ද ඉවත්ව යාමට නියමිත බව වාර්තා වෙනවා

Post a Comment

0 Comments