මැනිං තොග වෙළෙඳපොළ, තවත් සතියක කාලයක් වසා තැබීමට පියවර !



Covid-19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස පිටකොටුව මැනිං තොග වෙළෙඳපොළ, තවත් සතියක කාලයක් වසා තැබීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මැනිං වෙළෙඳපොළට එළවළු හා පළතුරු රැගෙන ගොස් අලෙවි කරන සියල්ලන් නැවත දැනුම් දෙන තුරු ඒවා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන,වැලිසර, පිළියන්දල සහ වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යා යුතු බවයි.
මැනිං වෙළෙඳපොළෙන් තොග-සිල්ලර වෙළෙඳාම සඳහා එළවළු හා පළතුරු මිලදී ගත් ව්‍යාපාරිකයින්ටද අදාළ මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙස දැනුම් දෙන බව ද නිවේදනයේ දැක්වේ.

Post a Comment

0 Comments