මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් !



හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට පොහොට්ටුවේ ප්‍රධානින් ශ්‍රී ලනිප නායකයන්ට යෝජනාවක් කර ඇතැයි වාර්තා වනවා.
පොහොට්ටුවේ නායකත්වයෙන් මේ යෝජනාව යොමුකර තිබෙන්නේ ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර හා පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් වෙතයි.
මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයේදී තරග කිරීමට නියමිත අතර මේ වනවිටත් ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹා තිබෙනවා.
ඔහු සමග හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගැටුමකට සුදානම් වෙමින් ඇති මැතිවරණයේදී එය වඩාත් ඉස්මතු වීමට ඉඩ ඇති නිසා මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වනවා.
ප්‍රසන්න රණතුංග මහතා ද මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.

Post a Comment

0 Comments