හිටපු අමාත්‍ය රණවකට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර ලැබෙයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට අප්‍රේල් 26 සිට මැයි 12 වැනිදා දක්වා විදෙස් ගතවීම සඳහා අධිකරණය අද අවසර ලබා දුන්නේ ය.
ඒ, රුපියල් ලක්ෂ 10 ක අමතර ඇපයක් මතයි.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චම්පික රණවක මහතාට එරෙහිව එම නඩුව පවරා තිබේ.

චම්පික රණවක මහතා විදෙස් ගතවීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ නොකළේ ය.

ඒ අනුව, ඇප බැඳුම්කරණයක් මත චම්පික රණවක මහතාට විදෙස් ගතවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අවසර ලබා දුන්නා ය.

Post a Comment

0 Comments