උඩුබද්දාවෙන් තවත් කොරෝනා රෝගියෙක් හමුවේ ! ඉතාලියෙන් පැමිණි අයෙක්



දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයක් වන උඩුබද්දාව පහළගම ගම්මානයේ ඉතාලි රටට ගොස් පැමිණි පුද්ගලයකු ආසාදිත තත්ත්වයකින් රෝහල් ගත කර තිබෙනවා.
දුම්මලසූරිය පොලිසිය පැවැසුවේ මෙම පුද්ගලයා ගැන ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලද තොරතුරක් මත උඩුබද්දාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවාගෙන ගොස් ඔහුව පරීක්ෂා කර ඔහුට කොරෝනා රෝගය වැලඳී ඇති සැකය මත කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවයි.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යවා තිබෙනවා.
මෙම පුද්ගලයා වයස අවුරුදු 43ක විවාහක පුද්ගලයෙකි. ඔහු ඉතාලියේ වසර 14ක් සේවය කර මෙම මස 06 වැනි දින ලංකාවට පැමිණ තිබෙනවා.
උණ ගැනීමක් නිසා ඔහු වෛද්‍යවරුන් හමු වී ප්‍රතිකාර ගෙන තිබෙන අතර ඔහුට එම රෝගය සුව වී නොමැති හෙයින් කොරෝනා රෝගය ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

Post a Comment

0 Comments