උකුස්සෙකු සේ පහර දීමට සූදානම් !




නිසි වෙලාවට නිසි ඉලක්කයකට තමන් උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පසුගියදා පැවැති ජනහමුවක් අමතමින් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේ තමන් ගහන ගැහිල්ල උකුස්සකු සේ නියම වෙලාවට එම ගැහිල්ල ගහන බවත්ය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමිනි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවත් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අහෝසි වී යන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවාදීන් සමාජ ජාලා ඔස්සේ එල්ල කරන්නේ දැඩි විවේචනයකි.

Post a Comment

0 Comments