
මෙරටින් තහවුරු වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 122 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මේ බව තහවුරු කළා. මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 14 ක්.
මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා මාර්තු 11 වනදා වාර්තා වුණා. දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වූ 13 වාර්තා වූයේ මාර්තු 19 වනදායි. ඊයේ වන විට රෝගීන් 5 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
වෛරසය ආසාදනය වී ඇතැයි සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ 114 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ අවදානම් කලාප ලෙස නම් කෙරුණු දිස්ත්‍රික්වලින් වීම විශේෂත්වයක්. ඒ අනුව කොළඹින් රෝගීන් 29 දෙනෙකු ද කලුතරින් රෝගීන් 18 දෙනෙකු ද පුත්තලමින් රෝගීන් 15 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10 ක්.
0 Comments