තනිව ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවේ !



ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින් තායිලන්ත ජාතික කාන්තාවකට එරෙහිව පොලීසිය මඟින් පවරා තිබූ නඩුවකින් අදාල කාන්තාව නිදහස් කර තිබෙනවා.
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළ සේවයේ නිරතව සිටි බව කියන අදාල තායිලන්ත ජාතික කාන්තාව ඇතුළු කාන්තාවන් පිරිසක් කොල්ලුපිටිය පොලිසිය මඟින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම තීන්දුව ලබා දී තිබුනේ.
 ඒ අනුව ව්‍යාපාරයක් ලෙස කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයන්නේ නම් පමණක් ගණිකා වෘත්තියේ නිරතවීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ හැකි බව පෙන්වා දෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම තීන්දුව ලබා දී තිබුණා.
මුළුමනින්ම හෝ අමතර වශයෙන් ගණිකා වෘත්තියෙන් තම ජීවිකාව ලෙස ගෙනයන්නේ නම් එම තැනැත්තන්ට මෙරට නීතිය අනුව නඩු පැවැරිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දන්වා සිටි අතර ගණිකා නිවාසක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පමණක් නඩු පැවැරීමට හැකියාවක් තිබෙන බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ

Post a Comment

0 Comments