අලි ගම්වැදීමට විසඳුම් ලෙස කැලෑ එළිකරන ලංකාවේ වනජීවී ඇමතිතුමා !




තඹුත්තේගම ඔරුගලයාය රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ වන විනාශයක් පිළිබඳ කරුණු මේ වනවිට හෙළිවී තිබෙනවා.

වනජීවී අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ අනුදැනුම මත සිදුවන මෙම වන විනාශය සාධාරණීකරණය කිරීම උදෙසා අමාත්‍යවරයාගේ හිතවතුන් පිරිසක් දැඩි උත්සහයක නිරතවන බවද වාර්තා වෙනවා.

 එනම් මෙසේ රක්ෂිතයේ වටිනා ගස් කපා ඉවත් කරමින් රක්ෂිතය එළිපෙහිලි කරන්නේ අලි ගම් වැදීම නැවතීමට බව ඔවුන් ප්‍රකාශ කිරීමයි.

පාහියංගල ආනන්ද සාගර හිමියන් එම වන විනාශය සිදුවන ස්ථානයට ගොස් එය ජනතාවට පෙන්වා දෙන වීඩියෝවක් ද මේ දින වල සමාජමාධ්‍ය හරහා හුවමාරුවෙමින් පවතිනවා.

මීට පෙර ආණ්ඩු සමයේ විල්පත්තුව වෙනුවෙන් නැඟුණු හඬ මෙම වන විනාශය වෙනුවෙන්ද නැගිය යුතු බව බොහෝ දෙනා පවසනවා.කුමන ආණ්ඩුවක් විසින් සිදුකලද වරද වරදම බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

සැබෑවටම රක්ෂිතයක් එළි කිරීම හරහා අලි ගම් වැදීම නතර වීමක් සිදුවෙනවා දැයි සිතීමට ඔබට බාරයි.

මීට පෙර අවස්ථාවක චන්ද්‍රසේන අමාත්‍යවරයා පිළිබඳ සමාජ කතිකාවක් ඇති වූයේ රිය අනතුරක් සිදුකර එම පීඩාවට පත් පිරිස රෝහලක් වෙත යොමු කිරීම පවා සිදු නොකර පසුපසින් පැමිණි අතිරේක රථයේ නැගී පළා යාමේ සිද්ධියක් මතයි.

Post a Comment

0 Comments