එක්සත් ජාතික පක්ෂය වියතුන් හොයන වැඩක් පටන් ගනී !





එජාප මූලස්ථානය ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට අපේක්ෂා කරන උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, වියතුන්ගෙන් හා වෘත්තිකයන්ගෙන් අයැදුම්පත්‍ර භාරගැනීම සිරිකොත මේ වනවිට ආරම්භ කර ඇති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
තරුණ ප්‍රජාවට මෙහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, කාන්තාවන්ටද මේ සඳහා අයැදුම් කළ හැකි බවත් ඔහු පැවසුවා.
එමෙන්ම නාම යෝජනා මණ්ඩලයක් ඒ සඳහා කඩිනමින් පත් කරන බවත් ඔහු අවධාරණය කළා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා සඳහා අපේක්ෂකත්වය බලාපොරොත්තු වන අයැදුම්කරුවන්ටද ඉහත කී පදනමෙන් අයදුම් කිරීමට හැකි වනවා.
ඒ අනුව, තමන් තරඟ කිරීමට බලාපොරොත්තු මැතිවරණය, මැතිවරණ කොට්ඨාසය හා අංකය ලියුම් කවරයේ වම්පස සඳහන් කර එජාප මහ ලේකම් ‘සිරිකොත’ එජාප මූලස්ථානය, පිටකෝට්ටේ යන ලිපිනයට එවිය යුතු බවද මහ ලේකම්වරයා සඳහන් කළා.

Post a Comment

0 Comments