හරීන් ප්‍රනාන්දුට එරෙහිව පාර්ශව කිහිපයකින් නඩු !



හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව 03ක් නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ යෙදී සිටියදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් ලබාදීමේ චෝදනාවට ලක්වූ සනත් ජයසුන්දර යන අය ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය ධුරය දරන කාල සීමාව තුළ ගන්නා ලද තීන්දු තීරණ අභියෝගයට ලක් කරමින් ඔවුන් මෙලෙස නඩු පවරා ඇති බ සඳහන්.
මේ සම්බන්ධයෙන් ඊයේ (07දා) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඔහු පවසා සිටියේ ක්‍රීඩාව තුළ හරි දේ කිරීමට ගොස් ඔහුට මේ වන විට ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව නඩු පවරා ඇති බවයි.

Post a Comment

0 Comments