ඡන්දෙට කලින් කියුදේ වෙනස් වෙයි ! පිල්ලයාන් නිදහස් නෑ !



නැඟෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පෙබරවාරි 6 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු අයි.එම්.ඉසඩීන් මහතා අද (8) නියෝග කළේය.
මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලෙයාන් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
නඩුව අද කැඳවූ අවස්ථාවේ දී පිල්ලෙයාන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නියම කළේය.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මඩකලපුව ප්‍රදේශයේ පවතී ජන හමුවකදී කියා සිටියේ තම අපේක්ෂකයා ජනාධිපති කිරීම සඳහා සහයෝගය ලබා දුනහොත් ඔවුන්ගේ නායකයා වන පිල්ලයාන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.

Post a Comment

0 Comments