කෝබි බ්‍රයන්ට් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට !




ඇමරිකා හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි..
ඔහු සිය දියණිය ජියනා ඇතුළු පස් දෙනෙකු සමග ගමන් කළ පුද්ගලික හෙලිකොප්ටර් යානයක් කැලිෆෝනියාවේදී අනතුරට පත්ව ඇති අතර යානයේ සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
බ්‍රයන්ට්, ඇමරිකා ලීග් පැසි පන්දු තරඟාවලියේදී නියෝජනය කළේ ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමයි.
ඔහුගේ දායකත්වය යටතේ එම කණ්ඩායම අවස්ථා 5කදී ඇමරිකා ලීග් පැසි පන්දු කිරුළ දිනා ගත්තේ ය.
වසරේ දක්ෂතම පැසි පන්දු ක්‍රීඩකයා ඇතුළු සම්මාන රැසක්ද බ්‍රයන්ට් දිනා සිටින අතර, ඇමරිකාව පැසි පන්දු ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනූ අවස්ථා දෙකකදීම ඔහු සිය දායකත්වය ඊට ලබා දුන්නේ ය.
පැසි පන්දු ක්‍රීඩාව ඇසුරින් බ්‍රයන්ට් නිර්මාණය කළ “ඩියර් බාස්කට්බෝල්” නම් කෙටි චිත්‍රපටය 2018 වසරේදී හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේ ය.
2016 වසරේදී ඔහු වසර 20ක ඉතිහාසයක් ඇති ක්‍රීඩකයකු ලෙස පුරාවෘත්තයක් බවට පත් වෙමින් පැසි පන්දු තරඟ බිමට සමු දුන්නේ
මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු සුපිරි මලල ක්‍රීඩක ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඇතුළු බොහෝ දෙනෙක් බ්‍රයන්ට්ගේ හදිසි අභාවය පිළිබඳව ශෝකය පළ කර තිබේ.

Post a Comment

0 Comments