ඩොලර් බිලියනයක ආයෝජයන් ලංකාවට ගේනවා !




ඩොලර් බිලියනයක ආයෝජයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා
මහනුවර පැවැති සංවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින් ඔහු මේ බව කියා සිටියා.
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
තනි ස්ථානර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් ද මේ වන විට ගොඩනැගී ඇති බවයි රඹුක්වැල්ල මහතා එහිදී සඳහන් කර ඇත්තේ.
එනිසා මේ වන විට විශාල වශයෙන් ආයෝජකයින් මෙරටට පැමිණෙමින් තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

Post a Comment

0 Comments