දසවන ටෙස් ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ සමත් වෙයි





සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා.
මැතිව්ස් සහභාගී වන 85වන ටෙස්ට් තරගය මෙයයි.
හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේසිව්වන දිනය වන අද දිනයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුළු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 340ක්.
නොදැවී පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 06ක් ලබා සිටියි.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 63ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී ගියා.
සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05ක් අතැතිව තවත් ලකුණු 18ක් පිටුපසින් සිටියි.

Post a Comment

0 Comments