රන්ජන්ගේ නිවසින් සැබෑවටම හමුවූ දේවල් මෙන්න






හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ  බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ පතොරම් 127ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන්  ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිසිය විසින් ඊයේ පස්වරුවේ මාදිවෙල පිහිටි මන්ත්‍රීවරය‍ාගේ නිළ නිවස පරීක්ෂා කරනු ලැබුවා.
එහිදී මෙම ගිනි අවිය සහ පතොරම් වලට අමතරව රන්ජන් රාමණායක මන්ත්‍රිවරයාගේ නිවසේ තිබී සැකකටයුතු ලේඛණ කිහිපයක්, CD තැටි කිහිපයක්, දෘඩ තැටි තුනක් සහ පරිගණක දෙකක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
රජය අපහසුතාවයට පත්කිරීමේ ක්‍රමන්ත්‍රණයකට අදාලව ඔහුගේ නිවසේ ඇතැයි සැළකෙන ලිපිගොණු කිහිපයක් සොයා මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබූ අතර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වුනේ.

Post a Comment

0 Comments