යුධ හමුදාපතිට බලපෑම කල සිද්ධියක් ගැන බදියුදීන් සම්බන්ධව පරීක්ෂණයක් !




හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අදාල සැකකරු අත්අඅඩංගුවට ගෙන තිබුණා.
එම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් එවකට පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ  නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.
හිටපු හමුදාපති  මහේෂ් සේනානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
සඳහන් කර තිබුණේ බදියුදීන් අමාත්‍යවරයා දුරකතනයෙන් තමාට කතා කොට අදාල සැකකරු පිළිබඳ තොරතුරු විමසූ බවත් ඔහු සම්බන්ධයෙන් තල හැක්කේ කුමක්ද යන්න විමසා සිටි බවත්ය.
ඒ අනුව දෙහිවලදී  එවැනි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධයෙන් වසර 1 1/2  කට පසු  තොරතුරු විමසන ලෙස අමාත්‍යවරයාට දැනුම් දුන් බවත් හිටපු හමුදාපතිවරයා  ප්‍රකාශ කර තිබුණා.

Post a Comment

0 Comments