අල්ලස් අරන් අහුවුනොත් ආයෙ රාජ්‍යසේවයේ ඉඩක් නෑ !





රාජ්‍ය සේවකයින් අල්ලස් ලබාගෙන අසුවුවහොත් නැවත රාජ්‍ය සේවයේ් ඉඩක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පෙරවරුවේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එසේම අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම ධුර කාලයේදී තිත තබන බවත්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහතික කිරීමට නම්, අනවශ්‍ය අනපණත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

තවද දෛනික ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවයි.

Post a Comment

0 Comments