පැය 24 ම ආවරණය කරන විශේෂ STF මෙහෙයුම් මැදිරියක් !



ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා පැය 24ම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා (STF) මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මෙම මෙහෙයුම් මැදිරිය වෙත පාතාල කල්ලි සාමාජිකයින්,සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, නීතිවිරෝධී අවි භාවිත කරන්නන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් කරන්නන් සහ පාරිසරික වැරදි ඇතුළු වෙනත් සිද්ධීන්සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව 011 2 580 518, 011 2 058 552 යන දුරකතන අංකවලට සහ 011 2 588 499 යන ෆැක්ස් අංක මඟින් මෙම මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දිය හැකියි.

විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාව හෙළි නොකරන අතර ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වන අයුරින් කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසුවා.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත ලැබෙන නිවැරදි තොරතුරු දිවයින පුරා ස්ථාපිත විශේෂ කාර්ය බලකා කඳවුරු වෙත කඩිනමින් යොමු කර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Post a Comment

0 Comments