ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලංකාවට



ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව ස්විස් විදේශ දෙපාර්තමේන්තුව අද (20) සදහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා ඉදිරි දින කිහිපය ඇතුලත දිවයිනට එවීමිට කටයුතු කරන බවද  ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

 මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකථන සංවාදයක් ඉකුත් 18 වැනිදා  පවත්වනු ලැබීය.

Post a Comment

0 Comments