රාජිතගේ මාධ්‍ය ලේකම්ගේ නිවසට පොලිසියෙන් පනී !



හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් මලිත් විජේනායකගේ නිවස 14 වැනිදා පෙරවරුවේ රහස් පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කොට ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ දත්ත හා මෘදුකාංග රැසක් රැගෙන ගොස් ඇත.
රහස් පොලිස් නිලධාරින් පැමිණෙන අවස්ථාවේ මලිත් විජේනායක මහතා නිවසෙහි සිට නැති අතර උසාවි නියෝගයක් ඇති බව පවසා පැයකට අධික කාලයක් නිවස පරීක්ෂා කොට ඇත.
මලිත් විජේනායක මහතා මුද්‍රිත සහ වෙබ් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කරයි.
ජනාධිපතිවරණ සමයේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගැනීම, ස්විස් තානාපති කාර්යාල නිළධාරිනිය පැහැරගැනීම පිලිබද හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පැවැත්වීමට අදාල තොරතුරු ලබාගැනීමට සහ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවතින රජයට එරෙහිව ජනතාව තුල වෛරී සහගත ප්‍රකාශ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමසම්බන්ධයෙන් මෙලෙස තොරතුරු ලබාගැනීමට පොලීසිය සෝදිසි කර ඇත.
මීට පෙරද මලිත් විජේනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදීමට දෙවතාවක් පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔහු පැමිණ නැති බවද වාර්තා වේ.
මොහුට එරෙහිව මීට පෙරද හිටපු ජනාධිපතිවරයා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමුළුවට ඇමෙරිකාවේ සංචාරයට යන අතරතුර ඔහු සහ ඔහුගේ පවුලේ අයව ඡායාරූප ගතකර මාධ්‍යයට මුදාහැරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගුවන්තොටුපල ප්‍රභූ පර්‍යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.

Post a Comment

0 Comments