සුභාවිත ගීත පමණක් අඩංගු ගී තැටි බස් රථවලට ලබාදෙනවා !





අර්ධ සුඛෝපබෝගී බස්රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව පුවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිලිබඳ අවධානය යොමුව තිබෙනවා.
අර්ධ සුඛෝපබෝගී බස් රථ වල ජනතාවට ඇති එකම පහසුව ජනෙල්වලට තිර රෙදි ඇද තිබීම පමනක් බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සිදුකළ සමීක්ෂණයකදී අදහස් දක්වමින් මගීන් ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපබෝගී බස්රථ තමන්ගෙන් වැඩි මුදලක් ලබා ගත්තද ඊට සරිලන සේවාවක් ඉටු නොවන බවයි.
ඒ අනුව අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව අහෝසි කිරීම සඳහා අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම බස්රථ වල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසා වන පරිදි ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවද එබැවින් එය පාලනය කිරීම සඳහා වැඩපිලිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්ථාවන්නේ.
ඒ අනුව සුභාවිත ගීත අඩංගු සී.ඩී තැටි සෑම පුද්ගලික සහ ලංගම බස් රථයකටම ඉදිරි කාලයේදී ලබා දීමටද උපදෙස් ලබා දී තිබෙනවා.

Post a Comment

0 Comments