රාජිතට විරුද්ධව පක්ෂයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට




හිටපු ‍සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) පැමිණිල්ලක් සිදුකළා.

නිසි අයුරින් රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යොදවමින් අවභාවිත කර ඇති බව පවසමිනුයි එම පැමිණීල්ල සිදු කර ඇත්තේ.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වසරකට රුපියල් ලක්ෂ 30,000ක් පමණ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යෙදවීමෙන් රජයේ මුදල් අවභාවිතව ඇති බවයි.

අද පෙරවරුවේ ඔහු මෙම පැමිණිල්ල සිදු කිරීමට ගොස් තිබුණද පැමිණිල්ල භාරගෙන ඇත්තේ පස්වරුවේදී බවයි වාර්තාවන්නේ.

Post a Comment

0 Comments