Popular Posts




උරයක බහා කැලැවක දමා ගොස් තිබූ අලුත උපන් බිළිඳියක් පුත්තලම පොලීසිය මැදිහත්වීම මත පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව නොමේරු ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක ප්‍රකාශ කළා. 
අදාළ  බිළිඳිය පුත්තලම කුරූණැගල මාර්ගයේ 4 කනුව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි රජයේ රක්ෂිතයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබියදී  සොයාගෙන තිබුනා. ඒ ඊ‍යේ (06) උදෑසන එම මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකු ශරිර අවශ්‍යතාවයක් සදහා කැලැව දෙසට ගමන් ගමන් කරද්දී කුඩා දරුවෙකු හඩනු ඇසිම නිසා ඒ ගැන සොයා බැලීමේදී.
එහිදී අදාල පුද්ගලයා විසින් ඒ පිළිබඳව පොලිසියට දැන්වීමෙන් අනතුරුව පුත්තලම පොලීසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ  1920 සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා එම බිළිඳිය කඩිනමින් පුත්තලම රෝහලට යවා තිබුණා

0 comments

Post a Comment

Trending

facebook