රජයේ විධායක මහත්වරුන්ට රැපියල් පහලොස්දාහක දීමනාවක් !



රජයේ විධායක නිලධාරීන්ට ලබන ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා  ඊයේ (8) පැවැසීය.

මීට අදාළ චක්‍රලේඛය ලබන සතියේදී නිකුත් කරන බව ද ලේකම්වරයා කීය.

රුපියල් 15,000 දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් විධායක නිලධාරීන් පසුගිය රජය සමයේදී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ එම රජය විධායක නිලධාරීන්ට මෙම දීමනාව ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබිණ.

ඒ අනුව රජයේ විධායක නිලධාරීන් සඳහා රුපියල් පහළොස් දහසක දීමනාව ලබාදීමට තීරණය කළ බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේය.

Post a Comment

0 Comments