රන්ජන්ට මංගලට නාම යෝජනා නොලැබෙන ලකුණු !




පසුගිය ජනපතිවරණයෙන් එජාප කඳවුරට පරාජය අත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජන් රාමනායකට සහ මංගල සමරවීරට මීළග මහමැතිවරණය සඳහා එජාපයෙන් නාමයෝජනා ලබා නොදෙන ලෙසට එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් විසින් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.
පසුගිය ජනපතිවරණයේදි එජාපයේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට හානි කිරීමට රංජන් රාමනායක සහ මංගල සමරවීර මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ හේතු වූ බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් මෙලෙසට පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment

0 Comments