පුටුවෙන් තරඟ කරන බව උදය ගම්මන්පිල කියයි





ඉදිරි මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී, එළබෙන මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණින්දැයිි මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා ‌දෙමින් ගම්මන්පිල මහතා ‌මෙම අදහස් පල කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ ඉදිරි මහ මැතිවරණය එක් පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ගිවිසුම් ගත වු බවද එහි එක් කොන්දේසියක් ලෙස පුටුව ලකුණින් තරග කිරිම ඇතුළත්ව තිබු බවද ගම්මන්පිල මහතා එහිදී කියා සිටියා.

Post a Comment

0 Comments