පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් , රන් භාන්ඩ කොල්ලකාලා !





පොලිස් නිලධාරීන් යැයි පවසා ජනතාව මුළා කර මුදල් සහ වටිනා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය පොලීසීය සඳහන් කළේ, ලද පැමිණිලිවලට අනුව පෑලියගොඩ ප්‍රෙද්ශයේදී අද (12) උදෑසන මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැඳුනුම්පත්, ව්‍යාජ නිල ඇඳුම් කට්ටල, සොරකම් කරන ලද මුදල් සහ වටිනා භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Post a Comment

0 Comments