සාමාන්‍යපෙළ අදින් අවසන් ! විනය කඩකරොත් දඬුවම්



අපොස සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙනවා.
විභාගය අවසන් වීමෙන් පසුව කලහකාරී ලෙස හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් විභාග පණත යටතේ දැඩි දඩුවම් පැමිණවීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කරනවා.
විනය විරෝධී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටුවීමට ක්‍රියාකරන බවද විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා කියා සිටියා.
මේ සම්බන්ධව විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද ඒ මහතා කියා සිටියා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 26 වන දා සිට ආරම්භ කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

Post a Comment

0 Comments