හිටපු ජනාධිපති මෛත්‍රීට සිතාසි එවයි !





හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝග කරමින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ රෝයල් පාර්ක් නඩුවේ ශ්‍රාමන්ත ඇන්තනී ජයමහට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට විධායක ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් ඔහු මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙසට නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබා දුන්නා. ඒ අනුව නීතිපතිවරයා ඔහු වෙනුවෙන් පෙනී නොසිටිනු ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ජනාධිපති සමාව ප්‍රධානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එළඹෙන මැයි මස 29 වැනි දින මෙම පෙත්සම යළි සලකා බැලීම නියමිතය

Post a Comment

0 Comments