Popular Posts



දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් පීඩාවට පත් ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඉන් අවතැන් වූ පුද්ගලයින් 643 දෙනෙකු සහන කඳවුරු 3 ක රඳවා ඇති බවයි.
වර්ෂාවත් සමග ජලාශ රැසක් වාන් දමන හෙයින් ප්‍රදේශ රැසක මාර්ග අවහිර වීම් වාර්තා වන බව ද බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර අධික වර්ෂාවත් සමග නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (30) රාත්‍රි 7.30ට පමණ පස් කන්දක් කඩා වැටී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේදී ඔවුන් සොයා මෙහෙයුම් දියත් කිරීමට නොහැකි වී ඇත.
වලපනේ පොලීසිය, නුවරඑළිය යුධ හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව අද (01) උදෑසන 6ට පමණ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව 18 හැවිරිදි තරුණියකගේ සිරුරක් අද උදෑසන සොයා ගැණුනු වාර්තා වේ.
අතුරුදන් වූ අනෙක් තිදෙනා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

0 comments

Post a Comment

Trending

facebook