මිලිටරි පාලනයේ ඇත්ත නැත්ත මෙන්න ! -VIDEO-





රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් සිදුකරමින් හමුදා පාලනයක් ගෙන එන බවට ඇතැමුන් කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ඔහු අවධාරණය කරන්නේ කිසිදු ජාතියකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අයත් ජන කොටසකට කිසිදු හානියකින් තොරව ගෞරවාන්විතව ජීවත් විය හැකි පරිසරයක් රට තුළ ඇතිකරන බවයි.
එසේම අසාධාරණ ලෙස සිරගතව සිටින රණවිරුවන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාකරන බවයි ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර සිටියේ.
ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව, මිහින්තලේ රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මෙම අදහස් පළ කළා.

Post a Comment

0 Comments