Popular Posts



කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ග්‍රෙගරි පාරේ සහ මෙට්ලන්ඞ් චන්ද්‍රවංකය යන මාර්ගවල සවිකර ඇති CCTV කැමරා පරීක්ෂාවට ලක්කර ඇති බව වාර්තා වනවා.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම පරීක්ෂාවන් සිදුකර ඇති අතර, එහිදී පැහැරගැනීමට අදාළ කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වී ඇති බවද සඳහන්.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ඉකුත් 25 වැනිදා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පැය කිහිපයක් ප්‍රශ්න කර මුදාහැර තිබූ බවට පසුගියදා වාර්තා පළ වුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

0 comments

Post a Comment

Trending

facebook