"සජීව වැඩසටහන" කලින් ලීක් කරගත් හිරු නාලිකාව !





එළැඹෙන 11 වැනිදා හිරු ටී.වී. නාලිකාවේ සජීව රූපවාහිනී සංවාදයක් ලෙස හඳුන්වමින් විකාශය කිරීමට නියමිත විශේෂ ‘සලකුණ’ දේශපාලන වැඩසටහන  (08) උදෑසන එම නාලිකා පරිශ්‍රය තුළ දී රූගත කළ බව වාර්තා වනවා.

හිරු එෆ්.එම්. නාලිකාවේ සේවය කරන කාවින්ද කෞෂල්‍යගේ ෆේස්බුක් ගිණුමේ, ගෝඨාභය රාජපක්ෂ මහතා හිරු ටී.වී. නාලිකාවේ සේවක කණ්ඩායම සමඟ සිටින ඡායාරූපයක් පළකර තිබූ අතර මේ වනවිට එම ඡායාරූපය ඉන් ඉවත් කරගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ‘සලකුණ’ සංවාදය ඊයේ දිනයේ රූගත කොට සංස්කරණය කිරීමෙන් පසුව සජීව විකාශයක් වශයෙන් අද දිනයේදී (08) හිරු නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබේ. එම වැඩසටහනේ රූගතකිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවූ යම් යම් දෝෂයන් අවස්ථා 25කදී සංස්කරණය කොට ඉවත් කළ බවද වාර්තා වනවා.

සාමාන්‍යයෙන් සජිව දේශපාලන සංවාදයක් සේ සැලකෙන්නේ ඒ මොහොතේදී යොමුවන ප්‍රශ්න සඳහා ඒ මොහොතේදීම පිළිතුරු ලබාදීම වුවද, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ රූපවාහිනි සංවාදවල පවතින අංග චලනමය සහ වාචික දුර්වලතා නිසා මෙලෙස එය කලින් රූගත කොට, සංස්කරණය කිරීමෙන් අනතුරුව පළ කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Post a Comment

0 Comments