පොලිසියේ සැමට ආහාර සලාකයක් සහ බටා දීමනාව ස්ථීරයි !




පොලීසියේ සේවය කරන සැමට තරාතිරම නොබලා ආහාර සලාකයක් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හිනිඳුම ප්‍රදේශයේ ඊයේ (03දා) පැවැති ජනහමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“පොලීසියේ සියලු දෙනාට ආහාර සලාකයක් ලබාදීමේ ක්‍රියාවලිය මම ආරම්භ කරනවා. හැම පොලිස් නිලධාරියකුටම තනතුරු නොබලා උසස් ආහාර සලාකයක් ලබාදෙන්න අපගේ පාලනය යටතේ කටයුතු කරනවා. පොලිස් උප සේවාවේ උසස්වීම් ලබාදෙන විට සේවයට බැඳුණු දිනය බලා, එය සේවාව ලෙස සලකා උසස්වීම් රටාව නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

පොලිසිය අපේ රටට ආඩම්බරයක්, ශක්තියක්. අඩු පහසුකම් මැද ඔවුන් කරන සේවාව විශිෂ්ටයි. ප්‍රශංසනීයයි. ඔවුන්ගේ අයිතිවාසිකම් අප රැකගන්නවා. අපේ රජය රුපියල් විසිදහසක බටා දීමනාවක් ලබාදෙන්න යනකොට ප්‍රතිවාදී අපේක්ෂකයාගේ නියෝජිත කණ්ඩායමක් ඒ දීමනාව නතර කළා. මගේ ජයග්‍රහණයෙන් පසු 17 වැනිදා සිට පොලීසියේ සේවය කරන අයට බටා දීමනාව ලබාදෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments