බැසිල් රාජපක්ෂට ප්‍රතිකාර සඳහා රට යන්න අවසර !



රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින්
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද (28) කැඳවනු ලැබුවා.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් මස 05 වනදා සිට ලබන වසරේ මාර්තු මස 06 වනදා දක්වා විදේශගතවීමට අවශ්‍යව තිබෙන බවයි.
එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා විරෝධය පළ නොකළ බැවින් සෞඛ්‍ය හේතූන් මත බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට කොළඹ මහාධිකරණය අවසර ලබාදී ඇති බව වාර්තා වනවා.

Post a Comment

0 Comments