නාමල් රාජපක්ෂට විදෙස්ගතවීමට අවස්ථාව ලැබෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණය අවසර ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටියා.
නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට විදේශ සංචාරයක යෙදීමට අවශ්‍ය වී තිබෙන බවයි.
ඒ සඳහා දැනට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ පිළිබඳ අධිකරණය දැනුවත් කිරිම සඳහා මෙම මෝසම ගොනුකළ බව දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලබන පෙබරවාරි මස 10 වනදා දක්වා නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් අතර එදින නඩුව නැවත විභාගයට ගැනීමට නියෝග කළේය.

Post a Comment

0 Comments