පාක්ෂිකයන්ගේ "හූ" හඬට බය වී දයාසිරි පොහොට්ටු රැළිය මඟ හැරලා !







ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දේශපාලනික වශයෙන් බරපතළ අර්බුදයකය ලක්ව ඇතැයි වාර්තා වනවා.

ඊයේ (04) කුරුණෑගල, පඩුවස්නුවර ඒ මහතාගේ ආසනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට ඒ මහතා සහභාගී වී නැත.

එයට හේතුව වී ඇත්තේ එම රැලියේදී ඔහුට හූ කීමට පිරිසක් සූදානම්ව සිටින්නේ යැයි තමන්ට ආරංචි වුන නිසා ස්ටේජ් නැග්ගේ නැති බවටයි සඳහන් කර ඇත්තේ.

කුලියාපිටිය, ගල්ගමුව, යාපහුව, දොඩම්ගස්ලන්ද, අලව්ව, බිංගිරිය යන නගර වල පැවති පොදුජන පෙරමුණේ ජන හමු සියල්ල සදහා දයාසිරි ජයසේකර මහතාට ආරාධනා කර තිබුනද ඇතිවී තිබූ තත්වය මත ඔහු කිසිදු රැළියකට සහභාගී වී නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ කිරීමට දයාසිරි ජයසේකර මහතා දැඩි පරිශ්‍රමයක් ගනු ලැබූ නමුත් මේ වනවිට පොදුජන පෙරමුණු පාක්ෂිකයින්ගේ වෛරයට සහ සමච්චලයට ලක්වීමට ඒ මහතාට සිදුවී තිබේ.

නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ කොට හූ හඬට බියෙන් නිදහස් පාක්ෂිකයා මඟ හැර නිවෙස් තුලට වී සිටීම පිළිබඳව දයාසිරි ජයසේකර මහතාව නිදහස් පාක්ෂිකයින්ගේ දැඩි දෝශදර්ශණයට ලක්ව ඇත.

Post a Comment

0 Comments