Popular Posts




තම රටෙහි සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනාව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සුබපැතුම් එක් කළ මෝදි මහතා, සිය රටෙහි සංචාරයකට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකේය ජනතාව සාමය, සමෘද්ධිය සහ සහෝදර සංස්කෘතික මාවතේ ඉදිරියට යනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මෝදි මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කරමින් සඳහන් කළා.

0 comments

Post a Comment

Trending

facebook