ත්‍රී රෝද රථ හිමියන්ට පොළී රහිතව ගෙවන්න ලක්ෂ තුනක් දෙනවා !






වතු කම්කරුවන්ගේ අවම වැටුප දෙගුණ කර, වතු කම්කරු ක්ෂේත්‍රය සදහා ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙමින් ඒ ක්ෂේත්‍රය ද ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (2)ගම්පොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සදහන් කළේය..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

“තේ කර්මාන්ත ශාලා ආරම්භ කර, තේ කර්මාන්තයට ලබා දිය හැකි උපරිම පහසුකම් අපි ලබා දීමට කටයුතු කරනවා.වතු කම්කරු ක්ෂත්‍රයේ කම් කරු ප්‍රජාවට අවමකයක් ලෙස 700,750 නොව එය දෙගුණ කර 1500ක දෛනික ආදායමක් නිර්මාණය කරනවා.හැම දිනම කම්කරු තලයේ තබන්නේ නැතුව මධ්‍ය කාලීන, දීර්ග කාලීනව කුඩා තේවතු හිමියන් බවට පත්වීමේ අවස්ථාව උදාකරනවා.ගම්මිරිස්, කරාබු වැනි සුළු අපනයන භෝග තිබෙනවා.බොහෝ වගාවන් වලට රාජ්‍යය ආයතනයක් තිබුණත් සුළු අපනයන භෝග වලට එහෙම රාජ්‍යය ආයතනයක් නැහැ.ඒ නිසා මම 16 වනදායින් පසු සුළු අපනයන භෝග අධිකාරියක් ඇති කර ගම්මිරිස්,කුරුදු ආදී සුළු අපනයන සදහා කටයුතු කරනවා.17 වනදා සිට ගම්මිරිස් ප්‍රතිඅපනය තහනම් කරනවා.සෑම වගාවක්ම සිදුකරන අපගේ ගොවි ප්‍රජාවට ලොකු සවියක් ලබා දී,රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නවා.අප විදේශ රටවලින් ආහාර භවගෝග ගෙන්වනවා වෙනුවට අපම එය සපයා ගන්න කෘෂි විප්ලවයක් ඇති කරනවා.ඒ සදහා වගාකරන සැමට නොමිලේ පොහොර ලබා දීමට අප කටයුතු කරනවා.

මේ රටේම ත්‍රිරෝද රථ රියදුරන්ට ඇපයක් නොමැතිව ලක්ෂ 3ක ණය මුදලක් ලබා දෙනවා.ඒ වගේම ඒ ණය පොලියක් නැතුව ලබා දෙන්න කටයුතු කරනවා.

රැකියා විරහිත උපාධිධාරින් අභ්‍යන්තර බාහිර කියා මම වෙන් කිරීමක් කරන්නේ නැහැ.මම ඒ උපාධිධාරින් සියලු දෙනාට මාස දෙකක් ඇතුළත පත්වීම් ලබා දෙනවා.

කිරිගොවි කර්මාන්තය ක්‍රියාත්මක වන ප්‍රදේශයක් ලෙස කිරිවලින් ස්වංපෝෂිත රටක් නිර්මාණය කරනවා කියලා ජනාධිපතිවරණයට පැමිණෙන හැම කෙනෙකුම වගේ කියනවා.නමුත් පසු කාලීනව බහුජාතික සමාගම් වලට හසුව බොහෝ දෙනෙක්ට කිරි කර්මාන්තය අමතක වෙනවා.මම මොනම බහුජාතික සමාගමකට,රටකට,පුද්ගලයෙකුට ,කණ්ඩායමකට යටත් වෙන්නෑ.විදේශ රටවලින් කිරි ආහාර ගෙන එනවා වෙනුවට අපේ මාතෘ භුමිය තුළම ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කරනවා”යනුවෙන් ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments