යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වෙයි




ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරුවකු වූ යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
75වන වියෙහි පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර, පේරාදණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වු බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
මීටර් 110 කඩුළු මතින් දිවයෑමේ ජාතික ශූරයා වන්නේද යෝගානන්ද මහතායි.
1979 වසරේදී ආරම්භ කළ ක්‍රීඩා පාසල ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් බවට පත් කිරීමේ පුරෝගාමියකු වූ ඒ මහතා එහි ප්‍රථම අධ්‍යක්ෂවරයාද වනවා.

Post a Comment

0 Comments