මණ්ඩල, ආයතන සහ ව්‍යාපාර සඳහා දක්ෂයින් තෝරන්න කමිටුවක් !







රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජයේ වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට වෘත්තිකයන් සයදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් මෙම කමිටුව පත්කර ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප‍්‍රසන්න ගුණසේන සහ ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ගෙන් සමන්විත වනවා.

ඉහත ආයතන සඳහා පත්කිරීමට සුදුසුකම්ලත් වෘත්තිකයන් පිළිබඳ නිර්දේශ 2019 දෙසැම්බර් 18 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කාර්යාලය එම කමිටුවට දැනුම්දී තිබෙනවා.

Post a Comment

0 Comments