සේවක අර්ථසාධක අරමුදල් එළියට අරං කරන්න යන වැඩක් මෙන්න !






1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පණතෙන් පිහිටුවා ඇති පෞද්ගලික අංශයේ සේවකයින් මිලියන 2.5කට අධික පිරිසක් සාමාජිකයින් වන දකුණු ආසියාවේ විශාලතම අරමුදල ලෙසද සැලකෙන සේවක අර්ථසාධක අරමුදල (EPF), පෞද්ගලික අංශයේ පාඩු ලබන ව්‍යාපාර වල ආයෝජනය කිරීම සදහා සහ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරමින් මැතිවරණයෙන් පසුව ව්‍යාජ කොටස් වෙළඳපොළ පිබිදීමක් පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික කළමණාකරණ කණ්ඩායම සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.

ඊයේ (08 වන සිකුරාදා ) දිනය අවසන් වන විට සේවක අර්ථ සාධක අරමුදලේ පවතින තත්වය පිළිබඳව විශේෂ වාර්තාවක් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් කැඳවා ඇති අතර ඊයේ රාත්‍රියේම මේ පිළිබඳව විශේෂ සාකච්ජාවක්ද පවත්වා තිබේ.
2011 වසරේදී එවකට පැවති රාජපක්ෂ රජය විසින් සේවක අර්ථසාධක අරමුදලෙන් 1/3ක මුදලක් විවිධ අසාර්ථක ව්‍යවසායන්හී ආයෝජනය කිරීමට සූදානම් වූ විට ඊට එරෙහිව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රභල විරෝධයක් ඇතිවිය. එම විරෝධතාවයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂේන් චානක නමැති තරුණයාව වෙඩි තබා ඝාතනය කිරීමටද රාජපක්ෂ රජය ක්‍රියා කලා.

මෙම අරමුදල සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති එච්. ඒ. එස්‌. සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද 2011 විගණකාධිපති වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා.
සේවක අර්ථසාධක අරමුදල විසින් පෞද්ගලික ආයතන 58 ක කරන ලද ආයෝජනවලින් 2011 වසරේ එම අරමුදල ලබා ඇති පාඩුව බිලියන 11.7 ක්‌ වේ.

එම අරමුදලේ සාමාජිකයන් වන මිලියන 2.5 ක සේවකයන් හට ලැබෙන ප්‍රතිලාභ 2010 වසරට සාපේක්‍ෂව 2011 වසරේ සියයට 01 කින් පහළ යැමට මෙය හේතු වී තිබේ. 2013 ජනවාරි 15 වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කෙටි කාලීනව සහ දිගුකාලීනව රුපියල් බිලියන 63 කට අධික (63,169,398,923) මුදලක්‌ කොටස්‌ වෙළෙඳපොළෙහි සමාගම් 76 ක ආයෝජනය කර තිබේ. එයින් සමාගම් 58 ක කරන ලද රුපියල් බිලියන 54 කට අධික (54,006,955,606) මුදලකට අදාළ පාඩුව රුපියල් බිලියන 11.7 ක්‌ (11,737,841,979) ඉක්‌මවා තිබෙනවා.

2010 වසරේ ගුවන්යානා සමාගමක කොටස්‌ 1,863,676 මිලදී ගැනීම සඳහා කරන ලද රුපියල් මිලියන 500 ක මුදලින් මේ දක්‌වා කිසිදු මුදලක්‌ උපයා නැත.
එසේම 2007 දී විදුලිබල සමාගමක ආයෝජනය කරන ලද මුදල්වලින්ද 2011 වසරේ පාඩු ලබන මූල්‍ය සමාගමක කරන ලද ආයෝජනවලින්ද සේවක අර්ථසාධක අරමුදලට බලවත් ලෙස පාඩු සිදුවී ඇත. එසේ ආයෝජනය කර ඇත්තේ 2011 වසර අවසානයේ රුපියල් බිලියන 03 කට වැඩි පාඩුවක්‌ ලබා ඇති සමාගමකය.

මේ අනුව පෙනී යන්නේ රාජපක්ෂ රජය විසින් ඔවුන්ගේ පාලන කාලය තුලදී සේවක අර්ථසාධක අරමුදල සමඟ සූදු කෙලීමට පසුගිය රජය ක්‍රියාකර ඇති බවයි.
එළඹෙන 16 වනදා ගෝඨභය රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත සුපැහැදිලි ජන වරම අනුව අභිනව ආණ්ඩුවේ මෙම තීන්දුව සදහා කිසිදු මහජන විරෝධයක් ඇති නොවන බව අජිත් නිවාඩ් මහතා ඇතුලු ආර්ථික කළමණාකරණ කණ්ඩායමේ මතය වී තිබේ.

Post a Comment

0 Comments